Tuesday, October 15, 2024

General line - 0115112241

යුරෝපා චන්ද්‍රයාගේ රහස් සොයා නාසා දැවැන්ත මෙහෙයුමක 




බ්‍රහස්පති ග්‍රහයාට අයත් යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට නාසා ආයතනය ගවේෂණ යානයක් පිටත් කර තිබෙනවා 

බ්‍රහස්පතිට චන්ද්‍රයන් බොහෝ ප්‍රමාණයක් ඇති අතර, යුරෝපා යනු එයින් එක් අයිස්වලින් සමන්විත චන්ද්‍රයෙකි. 

මෙම චන්ද්‍රයා සොයා ගත්තේ ගැලීලියෝ ගැලීලිය. 

විද්‍යාඥයන් අනුමාන කරන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මධ්‍යයේ මහා සාගරයක් ඇති බවත්, ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් වැනි පිටසක්වල ජීවීන් සිටිය හැකි බවත්ය.

මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5.2 කට වඩා වැඩි යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘ක්ලිපර්’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් හෙවි රොකට්ටුව ආධාරයෙන් ෆ්ලොරීඩා ජනපදයේ කැනවරල් තුඩුවේ ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර තිබෙනවා 

ෆෝල්කන් රොකට්ටුවෙන් වෙන් වුණු ‘ක්ලිපර්’ රොබෝ ගවේෂණ යානය, 2025 පෙබරවාරියේ අඟහරු වටාත්, 2026 දී යළිත් වරක් පෘථිවිය වටාත් ගමන් කරමින් අඟහරුගේත්, පෘථිවියේත් ගුරුත්ව බලය යොදා ගනිමින්  වසර 6 ක් තිස්සේ, කිලෝ මීටර් බිලියන 3 ක් දුර බ්‍රහස්පති බලා ගමන් ආරම්භ කරනු ලබනවා 

මිසින් රොබෝ යානයක් යුරෝපා චන්ද්‍රයා ගවේෂණයට යැවුණු පළමු අවස්ථාව මෙයයි. 

‘ක්ලිපර්’ රොබෝ යානය යුරෝපා චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 වසරේදීය. 

යානය ඉන්පසු යුරෝපා චන්ද්‍රයා අසලින් ගමන් කරමින්, ඡායාරූප ගැනීම, දත්ත රැස් කිරීම සහ චන්ද්‍රයා සිතියම්ගත කිරීම සිදු කරනු ලබනවා.

යානය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.