Tuesday, October 15, 2024

General line - 0115112241

ආපදා හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ 59,511 දෙනෙකුට පීඩා




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 ක පවුල් 40,758 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 59,511 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ක්ෂණික ජල ගැලීම්, අධික සුළං, අකුණු සහ ගස් කඩා වැටීම් වැනි ආපදා හේතුවෙන් එම පිරිස පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

මේ දක්වා කාලය තුළ ආපදා මරණ තුනක් වාර්තා වී තිබෙනවා.

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 89කින් එම ආපදා වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 370ක් සහ පූර්ණ නිවාස හානි එකක් ද ඒ අතර වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.