Tuesday, October 15, 2024

General line - 0115112241

UGC සභාපති, උප සභාපති, කොමසාරිස්වරුන් ධුරවලින් ඉල්ලා අස්වෙයි




විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු  සාමාජිකයින් අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව  ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුනා.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා , උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා  සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් මෙලෙස ඉල්ලා අස්වී තිබෙන්නේ 

මෙම සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතයි.