Tuesday, October 15, 2024

General line - 0115112241

රජයේ රස පරීක්ෂක තනතුරට අලුත් මුහුණක්




ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියයි.

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුරෙහි සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය ඉකුත් 11 වනදා සිට විශ්‍රාම ලබා තිබෙනවා.    

ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරන සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.