Tuesday, October 15, 2024

General line - 0115112241

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් 21ක් මරුට




ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් උතුරු ලෙබනනයේ පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් වන Zgharta නගරයේ Aitou ගම්මානයේ නේවාසික මහල් නිවාසයක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව මානුෂීය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

රතු කුරුස සංවිධානය පැවසුවේ සුන්බුන් යට ජීවත් වූවන් සෙවීමේ උත්සාහයන් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

පසුගිය වසරේ හිස්බුල්ලා සංවිධානය සමඟ දේශසීමා ගැටුම් ඇතිවීමෙන් පසු උතුරු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා දියත් කළ පළමු ප්‍රහාරය එයයි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් එහි වාසය කරන බවයි.

එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

ඊශ්‍රායලය සැප්තැම්බර් 23 සිට මේ වන තෙක් හිස්බුල්ලා ඉලක්ක වෙත ලෙබනනය පුරා දැවැන්ත ගුවන් මෙහෙයුමක් දියත් කර ඇති අතර, එහිදී අවම වශයෙන් පුද්ගලයින් 1,488 ක් මිය ගොස්, තවත් 4,297 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

 මේ වන විට මිලියන 1.34 කට වැඩි ජනතාවක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.