Tuesday, October 15, 2024

General line - 0115112241

ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්




ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.

අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා.


මේ අතර අලුතෙන් ඇනවුම් කර ඇති සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබන සඳුදා සිට නිකුත් කිරීම ආරම්භ කරන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.