Tuesday, October 15, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද සහ හෙට




පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම හෙට දිනය වන විට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සියලුම දිස්ත්‍රික්කවල මනාප අංක ලැයිස්තු මේ වන විට මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බවයි.

ඒවා පරීක්ෂා කර අනුමත කිරීමෙන් අනතුරුව මනාප අංක ලැයිස්තු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නැවත ඉදිරිපත් කෙරෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් අද සහ හෙට දිනවලදී මනාප අංක නිකුත් කර අවසන් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. 

මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු හා අපේක්ෂකයන්ගේ වියදම් සීමා සම්බනධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වනවා.