Tuesday, October 15, 2024

General line - 0115112241

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට

හැටන් රංජිත




කොළඹ සිට නුවරඑළිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටෙයිනර් රථයක පිටුපස ටැංකිය අනතුරකට ලක්වීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අළුයම 03.00 සිට පෙරවරු 08.00 දක්වා සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.

මේ වන විට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුව තිබුණේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රෝහල් මංසන්ධියේයි.

ධාවනය වෙමින් තිබු කන්ටෙයිනර් රථයේ රියදුරා කෙටි වංගුවක් ගැනිමත් සමඟ පසුපස ටැංකි කොටසේ රෝද කිහිපයක් මාර්ගය අසල පිහිටි කාණුවකට වැටිමෙන් ටැංකි කොටස මාර්ගය හරහා අවහිරවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනය එලෙස ඇණ හිට තිබුණා.