Tuesday, October 15, 2024

General line - 0115112241

යුද වියදම් නිසා ඊශ්‍රායල රජයෙන් බදු වැඩි කිරීමට යෝජනාවක්




වැඩිවන යුද වියදම් හේතුවෙන් අඩු ආදායම් ලබන්නන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන් අයකරන බදු ඉහළ දැමීමට ඊශ්‍රායල රජය සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

ඊට අමතරව රැකියා විරහිතයින්ගේ රක්ෂණ දායක මුදල් සහ විශ්‍රාම වැටුප් දායක මුදල්වලින් කොටසක් කපා හැරීමට ද ඊශ්‍රායල මුදල් අමාත්‍යංශය යෝජනා කර ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පලස්තීනයට සහ ලෙබනනයට එරෙහි යුද්ධය සඳහා සෘජු පිරිවැය ලෙස ඊශ්‍රායල මුදල් ඒකකය වන ශෙකල් බිලියන 250ක් පමණ වැයවෙනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

එය අමෙරිකානු ඩොලර් බිලියන 57 කට සමාන මුදලක් බවද එම වාර්තාවල සඳහන්.