Tuesday, October 15, 2024

General line - 0115112241

බෝපත්තලාව, හරිත කන්දේ කඳවුරු බැඳීමට ගිය පිරිසක් අනතුරක

රංජිත් රාජපක්ෂ




බෝපත්තලාව, හරිත කන්දේ කඳවුරු බැදිමට ගිය රුහුණු විශ්වවිද්‍යායලයේ සිසුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන් හයදෙනා ඊයේ පස්වරුවේ බගවන්තලාව ප්‍රදේශයෙන් හරිත කන්ද තරණය කිරිමට ගොස් කඳවුරු බැඳ, අද උදෑසන ආපසු බගවන්තලාව දක්වා පැමිණෙන අතුරතුරදි එලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හරිත කදු මුදුණේ ගස් වල බැඳ තිබෙන බඹර කූඩුවල වද කඩා ගැනිමට උකුස්සන් පහර දිම හේතුවෙන් ඇවිස්සි ඇති බඹරුන් එම සිසුන් පිරිසට පහරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

රෝහලට ඇතුලත් කල සිසුන් හයදෙනාගෙන් දෙදෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

අනෙක් සිසුන් සිව්දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යයවරයෙකු පැවසුවේ.