Tuesday, October 15, 2024

General line - 0115112241

උතුරු කොරියාව දේශ සිමා හරහා වැටි ඇති ප්‍රධාන මාර්ග දෙකක් පුපුරුවා හරියි




දකුණු කොරියාවට සම්බන්ධ සියලුම මාර්ග සහ දුම්රිය මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා 

ඒ අනුව උතුරු කොරියාව  සහ දකුණු කොරියාව විසින් දේශ සිමා මායිම් යා කෙරෙන උතුරින් පිහිටි Gyeongui සහ Donghae මාර්ග උතුරු කොරියානු සොල්දාදුවන් විසින්  පුපුරවා හැරීමට පියවර ගෙන තිබුනා.

පසුගිය දිනවල තුන් වතාවක් පියොංයැං නගරයට පාලන විරෝධී ප්‍රචාරක පත්‍රිකා හෙළීමට ඩ්‍රෝන යානා යැවූ බවට උතුරු කොරියාව දකුණු කොරියාවට චෝදනා එල්ල කර තිබෙනවා 

ඊට ප්‍රතිචාර වශයෙන් “ක්ෂණික හමුදා ක්‍රියාමාර්ගයක” සැලැස්මක් මෙහෙයවීම සඳහා කිම් ආරක්ෂක රැස්වීමක් කැඳවූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාව ඩ්‍රෝන යානා යෙදවූයේ දැයි තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මේ හේතුවෙන් උතුරු කොරියාව පසුගිය 9 වනදා උදෑසන සිට දකුණු කොරියාවට ගමන් ගන්නා මහාමාර්ග හා දුම්රිය මාර්ග සියල්ල වසා දැමීමට කටයුතු කර තිබුනා.

 ඒ දෙරට අතර සම්බන්දතා සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අරමුණින්.

උතුරු කොරියානු මහජන හමුදාව පවසන්නේ මෙය යුද්ධයක් ඇති වීම වැලැක්වීම සඳහා ගත් ස්වයං ආරක්ෂක පියවරක් ලෙසයි.

තවද  දකුණු කොරියාව ඇමරිකාව සමග යුද අභ්‍යාසවලට එක්වීමද මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබෙනවා.

දකුණු කොරියාවට දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග කලාතුරකින් භාවිතා වන අතර පසුගිය වසර පුරා උතුරු කොරියානු බලධාරීන් එම මාර්ග කඩා ඉවත් කර තිබෙනවා.

උතුරු කොරියානු නායක කිම් ජො උන් 2023 වසර ආරම්භයේදී නිවේදනය කළේ, දකුණු කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් නැවත ආරම්භ විය හැකි බවයි.

ඒ හේතුවෙන් දකුණ සමඟ යළි එක්සත් වීමට තවදුරටත් උත්සාහ නොකරන බවද ඔහු කියා සිටියා.