Tuesday, October 15, 2024

General line - 0115112241

මරදගහමුල ගොඩනැගිල්ලක සඟවා තිබූ වාහන කිහිපයක් පොලිස් පරික්ෂාවට ලක් කෙරේ

 දමිත් තිසර




මරදගහමුල දිවිනැගුම ධාන්‍යාගාර සංකීර්ණ ගොඩනැගිල්ල තුළ ගාල්කර තිබූ වාහන කීපයක් දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ, එම ස්ථානයේ වාහන කිහිපයක් සඟවා තිබෙන බවට දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුවයි.

ඒ අනුව ඩිෆෙන්ඩර් රථයක්, ජිප් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් එහි තිබී සොයාගෙන තිබෙනවා.

එහිදී වී අලෙවි මණ්ඩලයේ නියෝජිතවරියක් පවසා ඇත්තේ 2021 වසරේදී එම වාහන අදාළ ස්ථානයට ගෙනවිත් ගාල්කර ඇති බවයි.

යතුරු පැදි දෙක සහ ජීප් රථ තුන පරීක්ෂා කිරීමේදී ඒවා හොඳ තත්ත්වයේ පවතින බව තහවුරු වී තිබෙනවා.

ඒවායේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම වාහන වී අලෙවි මණ්ඩලයට අයත් වාහන බවයි.

එම වාහන රජයේ පරිහරණයට යොදා නොගන්නේ ඇයි ද යන්න පොලිස් නිලධාරින් එහි සිටි වී අලෙවි මණ්ඩලයේ නියෝජිතවරියගෙන් විමසා තිබෙනවා.

සුළු දෝෂ පැවතීම හේතුවෙන් එම වාහන භාවිතයට නොගෙන ඇති බව එහිදී ඇය පවසා ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.