Tuesday, October 15, 2024

General line - 0115112241

ඩයනා ගමගේට එරෙහි නඩුවල සාක්ෂිකරුවන්ට නොතීසි

            උදය කුමාර




අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන්  හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩු   07 කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු වෙත මෙම නොතිසි නිකුත් කර තිබෙනවා. අදාල නඩු ලබන 24 වන දා විභාගයට ගැනීමට නියමිතයි.