Tuesday, November 26, 2024

General line - 0115112241

නීල් හපුහින්න මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට




හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න මහතා හදිසි අනතුරකින් ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් බවයි වාර්තා වන්නේ.

මිය යන විට 61 හැවිරිදි වියේ පසුවූ ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වනවා .

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු  සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් තිබුනා.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඔහු අවසන් වරට මෙරටට  පැමිණ තිබුනේ ඔහුගේ වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරටදී  පැවැත්වීම සදහායි 

ඔහුගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමේ නිශ්චිත දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත.