Tuesday, October 15, 2024

General line - 0115112241

ඇමති විජිතගෙන් ගම්මන්පිළට අභියෝගයක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලට අදාළ වාර්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සතුව ඇත්නම් ඒවා දින තුනක් ඇතුළත වහාම ලබාදෙන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.


දේශපාලන අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතවරුන් පත් කිරීම හෝ ස්ථාන මාරු ලබාදීම වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.


වාහන ආනයන සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ ලබන වසරේ මුල් කාල සීමාව වන විට වාහන ආනයනයට ක්‍රමානුකූලව අවසර දියහැකි බවයි.