Tuesday, October 15, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම අපේක්ෂක වියදම් සීමා රහසිගතව විමසයි




දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත් වුණා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි.

මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ වියදම් සීමා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ ජාතික ජන බලවේගයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ද එහිදී මාධ්‍ය වෙත අදහස් පල කළා.

ඔහු කියා සිටියේ අපේක්ෂක වියදම් සීමා සම්බන්ධයෙන් එක් එක් පක්ෂවල අපේක්ෂක වියදම් සීමාවල යෝජනා මෙවර රහසිගතව ලබාගත් බවයි.