Tuesday, October 15, 2024

General line - 0115112241

වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවන ලකුණු

නිරෝෂන් කොළඹ 




දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04.00 ට නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

මේ අතර දින 08 ක් පුරා පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ 50,000 කට අධික පිරිසක් පීඩාවට පත් වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.