Wednesday, October 16, 2024

General line - 0115112241

සාම සාධක හමුදාවට එල්ල වන ප්‍රහාර ගැන ඉන්දියාවේ සහ පෝලන්තයේ විරෝධය




දකුණු ලෙබනනයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එල්ල වූ ප්‍රහාර හෙළා දකිමින් ඉන්දියාව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය සමග එක්වන බව පෝලන්තය පවසනවා. 

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය ඉකුත් දා එලෙස ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අතර, සාම සාධක භටයින්ට ඉන් තුවාල සිදුවුණා.

ඉන්දියාවේ පෝලන්ත තානාපති Sebastian Domżalski පැවසුවේ ඉන්දියාව මෙම ඒකාබද්ධ ප්‍රකාශය සමඟ පෙලගැසීමට තීරණය කිරීම පිළිබඳ පෝලන්තය ඉතා සතුටු වන බවයි.

මේ මොහොතේ ඉන්දියාවේ දායකත්වය වැදගත් බව ද ඔහු පැවසුවා.

ඉන්දියාව UNIFIL සඳහා හමුදාව සැපයිමේ තුන්වන විශාලතම දායකයා වන අතර එහි හමුදා සාමාජිකයින් 903 ක් පමණ ලෙබනනයේ සිටිනවා.

ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් 40 ක් පමණ ඒකාබද්ධ ප්‍රකාශයේ කොටස්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.