Wednesday, October 16, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් චීනයට දොස්




ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සිය කැපවීම යලි තහවුරු කරන බව අමෙරිකාව පවසනවා.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ වැලැක්වීම ශක්තිමත්ව පවතින අතර, එහි වත්මන් බල ඉරියව්ව සහ කලාපයේ මෙහෙයුම් පිළිබඳව විශ්වාසයෙන් සිටින බවයි පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් මේජර් ජෙනරාල් පැට් රයිඩර් පැවසුවේ.

අමෙරිකාව මේ බව අවධාරණය කළේ චීන හමුදාව තායිවානය වටා ක්‍රියාත්මක කළ හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

“තායිවාන සම්බන්ධතා පනත, ඒකාබද්ධ ප්‍රකාශ තුන සහ සහතික කිරීම් හයෙන් මඟ පෙන්වනු ලබන දිගුකාලීන එක් චීන ප්‍රතිපත්තියක් සඳහා එක්සත් ජනපදය කැපවී සිටින බව පවසමින් පෙන්ටගනය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය නැවත අවධාරණය කළා.

චීනය තායිවානය වටා “Joint Sword 2024B” යන සංකේත නාමයෙන් යුධ අභ්‍යාස මාලාවක් ක්‍රියාත්මක කළ අතර, ඒ හමුවේ කලාපයේ ආතතීන් ඉහළ නංවා ජාත්‍යන්තර අවධානය යොමු කර තිබෙනවා.

තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ ඒ අවට ප්‍රදේශවල සිදු වූ මහජන විමුක්ති හමුදාවේ (PLA) අභ්‍යාස පෙන්ටගනය විසින් “වගකීම් විරහිත, අසමාන සහ අස්ථාවර” ලෙසයි විග්‍රහ කර ඇත්තේ.

ජපානය ද චීනයේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කර තිබෙනවා.