Wednesday, October 16, 2024

General line - 0115112241

ඉන්දියාව කැනඩාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් යළි කැඳවයි




ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුව උග්‍රවීමත් සමග,ඉන්දියාව පවසන්නේ කැනඩාවේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාව වැදගත් බවයි.

ඒ අනුව ඉන්දීය රජය කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සංජේ කුමාර් වර්මා සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයින් ආපසු කැඳවීමට තීරණය කර තිබේ. 

මෙම පියවර ගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව වැඩිවන ප්‍රචණ්ඩ තර්ජන වලින් පසුව බව ද ඉන්දියාව පවසයි.

එමෙන්ම ඛලිස්තානි ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් “පදනම් විරහිත ඉලක්ක” ලෙස කැනඩාව විසින් ප්‍රකාශ කිරීම ද ඉන්දියාව හෙළා දැක තිබේ.

ඉන් අනතුරුව ඉන්දියාව අද ඉන්දියාවේ සිටින කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 06 දෙනෙකු නෙරපා හරිනු ලැබුවා.

ඔවුන් ඔක්තෝම්බර 16 වනදාට පෙර රටින් පිටවිය යුතු බව ඉන්දීය රජය අවධාරණය කර තිබේ.