Tuesday, November 26, 2024

General line - 0115112241

මෙතෙක් රටට නොලැබුණු බදු ගැන විද්වතෙකු පෙන්වා දෙයි




මෙරට සිදුවන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව සතු අවබෝධය අඩු මට්ටමක පවතින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

එහි වැඩසටහන් නිලධාරිනී සකුන්තලා සෙනරත් මහත්මිය පැවසුවේ එවැනි වංචා සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමට පවා ඇති ඉඩකඩ සීමා සහිත බවයි. 


රටට ලැබිය යුතු විශාල බදු ප්‍රමාණයක් ඉකුත් සමයේ රටට නොලැබී ගොස් ඇති බවයි ආර්ථික විශේෂඥයෙකු වන ජයන්ත කෝවිලගොඩගේ මහතා පවසන්නේ.

ඔහු සඳහන් කළේ පසුගිය සමයේ  ව්‍යාපාරිකයින්ට බදු වංචා කිරීමට දේශපාලඥයින්ගේද සහය ලැබී ඇති බවයි.  


මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.
වැඩසටහන්/නයෝමි/තරංග