Tuesday, November 26, 2024

General line - 0115112241

මහමැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම ඇරඹෙයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන් 




මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මනාප අංක ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මෙවර මනාප අංක නිකුත් කිරීම යම් ප්‍රමාදයකට ලක්වූ බවට ඇතැම් පාර්ශව චෝදනා කළා.

ඒ, ඉදිරි ප්‍රචාරක කටයුතු සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 25 කට අඩු කාලයක් බවට පෙන්වා දෙමින්.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම පැවසුවේ නාම යෝජනා පත්‍ර අත්අකුරින් සම්පූර්ණ කර ඇති බැවින් නම නිවැරදි ලෙස තහවුරු කර ගැනීමට සැලකිය යුතු කාලයක් ගත වන බවයි.

පසුව අදාළ නම් අකාරාදී පිළිවෙළට සකස් කළ යුතු වනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මනාප අංක නිකුත් කිරීම සිදු වන්නේ ඉන් පසුව බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා පක්ෂයේ ලේකම්වරුන් අතර මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්ද පවත්වා තිබෙනවා.

මේ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාද මෙහිදී අදහස් පළ කළා.


මෙවර මහමැතිවරණයට තරඟ වදින පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.


මහ මැතිවරණයේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල අද ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.