Wednesday, October 16, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පහර දුන් හතුරුසිංහට බංග්ලාදේශයෙන් දඬුවම්




බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම ධුරයෙන් පහ කර තිබෙනවා.

ඒ, 2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පැය 48 කට ඔහුගේ වැඩ තහනම් කර ඇති අතර, පසුව ඔහුව වහාම සේවයෙන් පහ කිරීමට නියමිතයි. 

චන්දික හතුරුසිංහ විසින් මෙම පහරදීම සිදු කර ඇත්තේ 2023 ලෝක කුසලාන තරඟාවලියේදී නවසීලන්තයට එරෙහිව චෙන්නායි හි පැවති තරඟය අතරතුරදීයි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ ක්‍රීඩකයා කවුරුන්දැයි අනාවරණ කර නැහැ.

බංග්ලාදේශ පුහුණුකරු ලෙස හතුරුසිංහ 2023 පෙබරවාරි මාසයේදී නැවත පැමිණියේ දෙවන වරටයි. 

ඔහුගෙන් පුරප්පාඩු වන තනතුර සඳහා හිටපු පුහුණුකරුවෙකු වන ෆිල් සිමන්ස් පත් කර තිබෙනවා.

ඒ, 2025 පෙබරවාරි මාසයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය දක්වායි.