Wednesday, October 16, 2024

General line - 0115112241

ඉතාලි ජාතික ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල




ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු අද කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. 40 හැවිරිදි ඉරාන ජාතිකයෙක් වූ ඔහු ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාතික මධ්‍යම කාර්යාංශය වෙත ද යොමු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම ඉතාලි ජාතික ගමන් බලපත්‍රය නැතිවූ සහ සොරකම් කරන ලද ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධතියේ සදහන් ගමන් බලපත්‍රයක් බවයි සනාථ වී ඇත්තේ.

මෙම ඉරාන ජාතිකයා මෙරටට ඇතුළු වී පසුව යුරෝපය වෙත පළා යාමට සැළසුම් කර තිබූ බවට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.