Wednesday, October 16, 2024

General line - 0115112241

කෝටියක් වටිනා මත්පැන් සහ දුම්වැටි සමග ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




මත්පැන් බෝතල් තොගයක් සහ විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය, ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙක්.

විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 69ක් සහ විදේශීය දුම්වැටි 2,380ක් ඔහු සිය ගමන් මලු‍ තුළ සඟවා එලෙස රැගෙන විත් තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්පැන් සහ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.