Wednesday, October 16, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් පුද්ගලයෙන් ජීවිතක්‍ෂයට




ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ වාඩි වී සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

අද දහවල් 3ට පමණ එම වෙඩිතැබීම සිදුව තිබුණා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන මිහිජය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෝටර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.