Wednesday, October 16, 2024

General line - 0115112241

ඇමති විජිතට ගම්මන්පිලගෙන් උත්තර




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ කළ ප්‍රකාශයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද ප්‍රතිචාර දැක්වූවා.

අදාළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස පළමුව උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවට අභියෝග කළ අතර විජිත හේරත් මහතා ඊයේ දිනයේ ගම්මන්පිල මහතාට පැවසුවේ අදාළ වාර්තා දින තුනක් තුළ ප්‍රසිද්ධ කරන ලෙසයි.

ඒ අනුව අද මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊට ප්‍රතිචාර දැක්වුයේ මෙලෙසයි.

ඔහු පැවසුවේ ලබන සඳුදා මෙම වාර්තා ප්‍රසිද්ධ කරන බවයි.

මෙහි වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.