Wednesday, October 16, 2024

General line - 0115112241

ඇලෝෂියස්ගේ ඇප, දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

උදය කුමාර




මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසයස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඔවුන්ට මෙම දඬුවම් නියම වූයේ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3යි දශම 5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වනවිට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති බැවින් ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සඳහන් කළේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

මෙහි වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධ නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළා.