Wednesday, October 16, 2024

General line - 0115112241

මනාප අංක ප්‍රමාද වීමට හේතුව හෙළි කෙරේ




මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද ප්‍රතිචාර දැක්වුවා.

මේ, එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.

මෙවර අපේක්‍ෂකයින් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් ජනාධිපතිවරණය තරම් සාමකාමී නොවීමට ඉඩක් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මනාප අංක ලබාගත හැකියි.