Wednesday, October 16, 2024

General line - 0115112241

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන විදිහ ජනපති හෙළි කරයි




ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවයි.

ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක්.

ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද  ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සියලු පාසල් වඩා ඵලදායි පාසල් බවට පරිවර්තනය කළ යුතු අතර දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය හිමි වන පරිදි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.