Wednesday, October 16, 2024

General line - 0115112241

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ සැකකරුවෙකු රිමාන්ඩ්

උදය කුමාර




මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් මුද්‍රණය කර ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය  විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පෝස්ටර් මුද්‍රණය කිරීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අදාළ සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළා.