Thursday, October 17, 2024

General line - 0115112241

පෙට්‍රල්, ඩීසල්වලට ගහන බද්ද ගැන අනාවරණයක්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම හේතුවෙන් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ තරම් බදු අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එලෙස බදු අඩු කිරීමට හැකි නම් පෙට්‍රල් සහ ඩීසල් මීටත් වඩා අඩු මුදලකට ලබා දිය හැකි බවයි ඔහු සඳහන් කළේ. 

එළඹෙන මහමැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් ලැබිය යුතු බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.