Thursday, October 17, 2024

General line - 0115112241

මේ දිනවල ඌරු මස් කන්නේ බලාගෙනයි

ජූඩ් සමන්ත




මේ දිනවල ඌරු මස් අනුභව කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ, යම් ආසාදන තත්ත්වයක් හේතුවෙන් සිදු වූ ඌරන්ගේ මරණ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීමත් සමගයි. 

ඌරන් අතර පැතිර යන ආසාදනය කුමක්ද? ඌරු මස් අනුභව කිරීමේදී ජනතාව සැලකිල්ලක් දැක්විය යුත්තේ කෙසේද? මේ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.

කිසියම් පුද්ගලයෙකුට ඌරු මස් ලබා ගැනීමට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ කුමක්ද?

මේ දිනවල ඌරන් අතර පැතිර යන ආසාදන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.