Thursday, October 17, 2024

General line - 0115112241

ලෝකයම වසගයට ගත ජනප්‍රිය ගායකයෙකු හෝටලයකින් ඇද වැටි මිය යයි




ලොව පුරා අතිශය ජනප්‍රිය වූ සංගීත කණ්ඩායමක් වන “වන් ඩිරෙක්ෂන්” සංගීත කණ්ඩායම හරහා ලෝකයේම රසික සිත් වසඟයට ගත් ජනප්‍රිය ගායකයෙකු වන ලියම් පේන් හදිසියේ මිය ගොස් තිබෙනවා.

ඒ, ඔහු සිටි හෝටලයේ තුන් වන මහලෙන් ඇද වැටීමෙන්. ඔහු මියගොස් ඇත්තේ ආජන්ටිනාවේදීයි.

ඔහුගේ මරණය සැලවීමෙන් පසු රසිකයින් දහස් ගණනින් ලියම් පේන් මිය ගිය හෝටලය අසලට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලියම් පේන් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31ක්.

2010 වසරේ ආරම්භ වූ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායම කෙටි කලක් තුළ ලොව අතිශය ජනප්‍රිය කණ්ඩායමක් බවට පත් වුණා.

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කළ ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ ගීත මිලියන 70ක් අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

2013 වසරේ ලොව වැඩිම අලෙවියක් සහිත ගීත ඇල්බමය බවට පත් වූයේද වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ තුන් වන ගීත ඇල්බමයයි.

එම වසරේ ඔවුන්ගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 75ක්.

එමෙන්ම බිල්බෝර්ඩ් ගීත දර්ශකය ඇතුළත් වූ පළමු අමෙරිකානු සංගීත කණ්ඩායම වන්නේ ද වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමයි. 

ඔවුන් දිනාගෙන ඇති සම්මාන සංඛ්‍යාව 200ක්. 

ලියම් පේන් පසුව එම සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණා.