Thursday, October 17, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 206ක් දක්වා ඉහළට




මහමැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 206ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, ඉකුත් සැප්තැම්බර් 26 වනදා සිටයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ එම පැමිණිලි සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බවයි. මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි ඔහු පැවසුවේ.

ලැබී ඇති පැමිණිලි 206න් 130ක්ම විසඳා අවසන් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්   ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා. 

මේ අතර මනාප අංක මේ වන විට නිකුත් කර ඇති බැවින් මනාප පොරයක් ඇති කර ගැනීමෙන් තොරව සිය මැතිවරණ ව්‍යාපාරය සිදු කර ගැනීම සියලු පාර්ශවවල වගකීම බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ. 

මහමැතිවරණයට අදාළ මනාප අංක මේ වන විට නිකුත් කර තිබෙනවා.