Thursday, October 17, 2024

General line - 0115112241

වැසි තත්ත්වයේ අඩු වීම තාවකාලිකයි




මේ වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීම තාවකාලික තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම තවදුරටත් පවතින බවයි.  

කෙසේවෙතත් ඉකුත් දින කිහිපයේ දවස පුරා ඇදහැළුණු වැසි ක්‍රමයෙන් අඩු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් පැවසුවේ.