Thursday, October 17, 2024

General line - 0115112241

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුනු ගැටලු විසඳීමට විශේෂ වැඩසටහනක්

එන් ඒ ඩබ් නිරෝෂන්




විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුනු ගැටලු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විගමනික ශ්‍රාමිකයින්ට බලපාන ගැටලු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වෙත යොමුකළ හැකි එම වැඩසටහන නම් කර ඇත්තේ “සභාපතිට කියන්න” යනුවෙන්.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රමිකයින් විදේශ රැකියාවන්ට යාමේදී විවිධ පීඩාවන්ට ලක්වන බවයි.

විවිධ තරාතිරමේ නිලධාරින් සහ තැරැව්කරුවන් අතරමැදියන් වෙමින් විදේශ ගතවන ශ්‍රමිකයන්ගෙන් මූල්‍ය වාසි අත්පත් කරගන්නා බවයි ඔහු කියා සිටියේ.

එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට මෙම වැඩසටහන යටතේ කටයුතු කරන බවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 


011 2 864 188 දුරකථන අංකය ඔස්සේ සහ 071 7 593 593 වට්ස්ඇප් අංකය ඔස්සේ මේ සඳහා පැමිණිලි කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.