Thursday, October 17, 2024

General line - 0115112241

රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් රට තුළම නිපදවයි




ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ලබන වසර වන විට දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමට  දැන් අවස්ථාව උදා වී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වසරේදීද දේශීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ වර්ග 200ක් පමණ මිලදී ගත් බවයි.

එය ලබන වසර වන විට 300කට වඩා වැඩි ඖෂධ වර්ග මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කෙරෙන රසායනාගාර පහසුකම්ද ඉහළ නංවමින් ඇති බවයි.