Friday, October 18, 2024

General line - 0115112241

ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක්




ජල ගැලීම්වලට යටවූ ප්‍රදේශවල සිටින ජනතාව පානීය ජලය සම්බන්ධයෙන්  මේ දිනවල වැඩි අවධානයක් යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, බොහෝ ජල මූලාශ්‍ර අපවිත්‍ර වී තිබීම හේතුවෙන්.

ඒ අනුව මේ දිනවල පානීය ජලය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? මේ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.

පානීය ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ කුමක්ද? 

මේ අතර මේ දිනවල ඌරු මස් අනුභව කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය දැනුම්දෙනවා.

ඒ, යම් ආසාදන තත්ත්වයක් හේතුවෙන් සිදු වූ ඌරන්ගේ මරණ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීමත් සමගයි.