Friday, October 18, 2024

General line - 0115112241

මහා මැතිවරණ වියදම් සිමා නිකුත් කෙරේ.




2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද නිවේදනය කරනු ලැබුවා.

එම වියදම් සීමා තීරණය කර ඇත්තේ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරවයි.

එක් අපේක්‍ෂකයෙකුට වැය කළ හැකි උපරිම වියදම් සීමාව අනුව වැඩිම මුදලක් වැය කිරීමට හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්‍ෂකයින්ටයි.

එම මුදල රුපියල් පනස් හත් ලක්ෂ 50,000ක් වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයෙකුට වැය කළ හැකි උපරිම වියදම් සීමාව රුපියල් පනස් හය ලක්ෂ 43,387ක්.

කළුතර දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයෙකු වෙනුවෙන් රුපියල් හතළිස් ලක්ෂ 40,787ක මුදලක් වැය කළ හැකියි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් උපරිම වියදම් සීමාව අනුව අඩුම මුදලක් වැය කළ හැක්කේ වන්නි දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයින්ටයි.

එම දිස්ත්‍රික්කයේ එක් අපේක්‍සකයෙකුට වැය කළ හැකි උපරිම වියදම් සීමාව රුපියල් දහසය ලක්ෂ 73,243ක් ලෙසටයි මැතිවරණ කොමිසම විසින් නියම කර ඇත්තේ.

එක් එක් දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන දේශපාලන පක්ෂයකට සහ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම වියදම් සීමාද මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට නියම කර ඇති වියදම් සීමා අනුව වැඩිම මුදලක් වියදම් කළ හැකි වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලටයි.

එම මුදල රුපියල් අට කෝටි දහහත් ලක්ෂ 35,055ක් වනවා.

ජාතික ලැයිස්තු අපේක්‍ෂකයින්ට වැය කළ හැකි උපරිම වියදම් සීමාද මැතිවරණ කොමිසම මගින් නිවේදනය කර තිබෙනවා.

එම සම්පූර්ණ ලේඛනය පහතින්.