Friday, October 18, 2024

General line - 0115112241

විදෙස් ණය ගෙවීමට සිදු කළ යුතු දෙයක් රනිල් හෙළි කරයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ඒ සඳහා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන නොයන අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී කරුණු දැක්වූයේ මෙලෙසයි.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළා.