Friday, October 18, 2024

General line - 0115112241

බදු බර අඩු කරන IMF සංශෝධනවලට සහය දෙන බව සජිත් කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




මෙවර මහමහැතිවරණයට සිය කණ්ඩායම ඉදිරිපත් වන්නේ IMF ගිවිසුම සංශෝධනය කර ජනතාවට සහන දෙන වැඩපිලිවෙළකට මුල පුරන ප්‍රතිපත්ති මාලාවක සිට බව සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹදී පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

IMF ගිවිසුම සංශෝධනය කර ජනතාව මත පටවා ඇති බදු බර ලිහිල් කරන වැඩසටහනකට සිය ආශිර්වාදය හිමිවන බවද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළා.