Friday, October 18, 2024

General line - 0115112241

ගම්මන්පිල ගැන සමන්තට සැකයක්




මැතිවරණ කාලසීමාවක් තුළ පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් වෙනස් මතයක් ගොඩනැඟීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සහ දරමින් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා තමන් සතුව ඇති බවත් ආණ්ඩුව ඒවා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බවටත් උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සමන්ත විද්‍යාරත්න මහතා මේ බව කියා සිටියා.