Friday, October 18, 2024

General line - 0115112241

අපේක්‍ෂක වියදම් සීමා කැඩුවොත් සිදු විය හැකි අවදානමක් පැෆ්රල් සංවිධානය පෙන්වයි




කිසියම් අපේක්‍ෂකයෙකු මහමැතිවරණයේ වියදම් සීමා උල්ලංඝණය කළහොත්, පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමක් පවතින බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ වියදම් සීමා උල්ලංඝනය කළ අපේක්‍ෂයෙකු මහමැතිවරණයෙන් පරාජයට පත් වුවද ඔවුන්ට පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වන බවයි. 

මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයින් ආරම්භයේ සිටම වියදම් වාර්තා තබා ගැනීම වැදගත් වන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.