Friday, October 18, 2024

General line - 0115112241

පළාත් කිහිපයකට අද රාත්‍රියේ වැසි




උතුරු පළාතේ අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

මේ අතර ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය පිළිබඳවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර පමණ විය හැකියි.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර පරාසයක වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.