Friday, October 18, 2024

General line - 0115112241

මහින්දට ලබා දී ඇති වාහන කිහිපයක් යළි භාර දෙන ලෙස දැනුම්දීමක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින්ට ලබා දී ඇති වාහන කිහිපයක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් මගින් එය දැනුම් දී ඇති බවයි මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

මහින්ද රාජපක්ෂ මහතා  මේ වන විට තංගල්ල නිවසේ රැඳී සිටින බැවින් ඔහු නැවත කොළඹට පැමිණි පසු එම වාහන නැවත භාර දීමට කටයුතු කරනු ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. 

හිටපු ජනාධිපතිවරුන් සහ මැති ඇමතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් සමාලෝචනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුගියදා රජය විසින් කමිටුවක්ද පත් කරනු ලැබුවා.

කෙසේවෙතත් එම කමිටුවේ නිර්දේශ මොනවාද යන්න මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව නැහැ.