Friday, October 18, 2024

General line - 0115112241

ආබාධයක් සඟවගෙන තරඟාවලියේ වීරයා වූ පැතුම් ගැන අසලංක කතා කරයි




සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය පහසුවෙන් ජය ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.

ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම තරඟාවලියේ වීරයා වූ පැතුම් නිස්සංක සුළු ආබාධ තත්ත්වයක් පැවතියදී මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන්ද චරිත් අසලංක එහිදී අදහස් දැක්වූවා. 

දෙරට අතර ඊයේ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 09කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙකට එකක් ලෙස දෙරට අතර පැවති විස්සයි විස්ස තරඟාවලියේ ජය හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.