Friday, October 18, 2024

General line - 0115112241

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට




2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 33ක් ලැබී ඇති බවයි එම කොමිසම පැවසුවේ.

මේ දක්වා සියලුම පැමිණිලි ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි.

ඒ අතරින් පැමිණිලි 124ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.

තවත් පැමිණිලි 166ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

මේ දක්වා ලැබී ඇති පැමිණිලි 290න් 211ක් විසඳීම සඳහා කටයුතු කර ඇති අතර ඉතිරි පැමිණිලි 79 සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.