Friday, October 18, 2024

General line - 0115112241

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන




අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය ඇතුළු මෙතෙක් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් එක්ව සිටියා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ තමන් මතු කළ ඇතැම් ප්‍රශ්නවලට එහිදී සාධනීය විසඳුම් ලැබුණු බවයි.