Friday, October 18, 2024

General line - 0115112241

ගිනි අවි ආපසු භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය කළ නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

උදය කුමාර




ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච් ඩී නවින්තක ද සිල්වා මහතා විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු නෙත් නිවුස් සවස 06යි 45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.